නවක ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත්වීම හේතුවෙන් පාසල විසින් දරුවන්ගේ නායකත්ව කුසලතා ඔප් නැංවීම සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2024-09-27 වන දින යුධ හමුදාවේ හිටපු කර්නල්වරයෙකු වන වරතමාන මප/තෙල්/සුමනජෝති ප්‍රාථමික විද්‍යාලයේ
විදුහල්පතිවරයෙකු වන තුෂාර වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ පැවැත්විනි. මෙහිදී සිසුන්ගේ ඉවසීම, දරාගැනීම ,ස්ථානෝචිත ප්‍රඥාව, නිර්මාණශීලිත්වය සහ ආහාර ගැනීමේ පුරුදු සංවර්ධනය කිරීම අපේක්ෂා කරන ලදී. සිසුන් 34 දෙනෙකුගේ සහභාගිත්වයෙන් උදෑසන 6.00 සිට සවස 4.30 දක්වා මෙම වැඩමුළුව පවත්වන ලදි.





