සෙනරත්වෙල මහ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

දෙවන වාර පරීක්ෂණය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

12.png
12.png

මප/තෙල්/ සෙනරත්වෙල මහා විද්‍යාලයේ ඉතිහාසය පිළිබද තොරතුරු විමසා බැලීමේදී 1948 වර්ශයේ දී ආරම්භය සිදු වූ බවට අනාවරණය කර ගත හැකිය.පැරණි හෙනගැහුවෙල නම් ග්‍රාමයේ සංස්කෘතික කටයුතු සදහා භාවිතා කළ  "බණ ගේ " නම් ගොඩනැගිල්ල තුළ  පාසල ආරම්භ කර පවත්වන ලදී.

පසුව ඒ අසලම පිහිටි බඹරගල රජමහා විහාර භූමියේ දකුණු සීමාවට යාබදව පිහිටි වෙනත් භූමියක අභිනවයෙන් ඉදිකළ පාසල් ගොඩනැගිල්ල 1952 පෙබරවාරි මස 05 වෙනි දින ගෙන යන ලදි .  එකල විදුහල හදුන්වනු ලැබුවේ මහ/හෙනගැහුවෙල පාසල නමින් ය.

විදුහලේ ආදි  කතෘ වරයා වූයේ ඩී.බී.අබේසිංහ මහතාය . එකල විදුහල්පතිතුමා මුල්ගුරු ලෙසින් හැදින් වූ අතර මුල්ම ගුරුතුමා වූයේ එම්.පී.එඩ්වින් මහතාය. එක් ගුරුභවතෙකු පමනක් සේවයේ යෙදී සිටියේය . 1952.02.05 ආරම්භක දිනයේදී ළමුන් ඇතුලත් කිරීමේ ලේඛනයේ සදහන් පරිදි මුලින්ම ඇතුලත්  කරනු ලැබ ඇත්තේ  ඩබ්.ඇම්.විජයරත්න සිසුවාය. ඒ සමගම ශිෂ්‍යයින් 37 ක් හා ශිෂ්‍යාවන් 28 ක් ඇතුලුව ආරම්භක ශිෂ්‍ය සංඛයාව 66 ක් වී ඇත . පසු දින එනම් 1952.02.06 වෙනි දින තවත් සිසුන් 29 ක් ඇතුලත් වී මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 95 ක් වී ඇත .එම වසර පුරාම වරින් වර ශිෂ්‍ය සංඛ්‍යාවන් ඇතුලත් වී වසර අවසාන වනවිට මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 131 ක් බවට පත් වී ඇත . මින් බහුතරයක්ම බෞද්ද සිසුන් වූහ.

පාසල පිහිටි හෙනගැහුවෙල ග්‍රාමය අවට වූ මැදිගම්මැද්ද,ඇල්ලේ පහුර ජනපදය , දේවාල පිටිය ,වැවේගම, අඹකොනාවත්ත යන ගම්මාන වලින් සහ මාබේරිය වත්ත ,හෙනගැහුවෙල වත්ත ,වික්ටෝරියා වත්ත යන වතු ජනාවාස වලින් සිංහල සිසුන් පාසල පැමිණ ඇත.

 

ආරම්භ කළ වර්ෂය  1948
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව 01
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව 65
මුල් ගුරුතුමාගේ නම එම්. පී එඩ්වින් මහතා
පාසලේ ආදි කතෘගේ නම ඩී.බී.අබේසිංහ මහතාය
පාසලේ මුල් ගොඩනැගිලි ගණන 01
පාසලේ නම මහ/හෙනගැහුවෙල පාසල
පාසල රජයට පවරාගත් දිනය 1955 ඔක්තෝම්බර් 15
පාසල පැවැත්වූ ස්ථානය බඹරගල රජමහා විහාර භූමියේ දකුණු සීමාවට යාබදව පිහිටි වෙනත් භූමියක
ප්‍රථම ශිෂ්‍යයාගේ නම  ඩබ්.ඇම්.විජයරත්න
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම _
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව 1952.02.05